රාමා රාඕ කියන්නේ ධන්රාජ්ගේ පුතා. දකුණු ඉන්දියානු ආසියාවේ පාතාල නායකයා වෙන සාධු භායිට තමයි රාමා රාඕගේ තාත්තා වැඩ කරන්නේ. කොහොම හරි, රාමා රාඕ පොලිසියට බැදෙන්න ගිහින් ඔහුව පොලිසිය බඳව ගන්නෙ නෑ, මොකද මෙයාගෙ තාත්තා අපරාධකාරයකේ නිසා. ඒ වගේම මෙයාගෙ සහෝදරයා සිද්ධු බෝම්බයකට අහුවෙලා මැරෙණවා. මේ බෝම්බය තියන්නේ සාධු භායි. රාමා රාඕ පළිගන්න සැරසෙනවා මේ වැඩේට. මේකට හොඳම දේ තමන්ගේ තාත්තට ලංවෙන එක හන්දා බාධ්ෂා කියන නම ආරූඪ කරගෙන සාධු භායිට ලංවෙනවා. බාධ්ෂා පොලිසියට ඔත්තු සපයන කෙනෙක් බවටත් පත්වෙනවා මේ අතරතුර. බාධ්ෂාගේ මොළේ පාවිච්චි කරලා සාධු භායිගේ කොටස් ටිකෙන් ටික ගලවග්නනවා. ඒ කියන්නේ එයාට අයිත් , පාලනය කරන කොටස්. මුලින්ම මාකවු අරගන්නවා බාධ්ෂා සුධු භායිගෙන්.මේ අතර තුර බාධ්ෂා තව එක සතුරෙක්ගේ පුතෙක්ව මරණවා. ඉතිං මේ පුතා මරපු පළිය ගන්න බාධ්ෂාව අවිශ්වාස කරවන්නත්, සාධු භායි ගාවට මිනිහෙක් යනවා. සම්පූර්නයෙන්ම සාධු භායි මේ මිනිහත් එක්ක එකතුවෙලා බාධ්ෂාව මරණ්න සැලසුම් කරනවා. මේ අතර තුර සාධු භායි පොලිසියෙ ඉහල නිළයක් දරන ආධිව ඔහුගේ කණ්ඩායමට එකතු කරගන්නවා. ඒ පොලිසියෙන් බේරෙන්න ක්රමයක් විදිහට. කොහොම හරි මේ ආධි පොලිස් කමිෂනර්ගේ දුව ජානකීව විවාහ කරගන්න හදනවා. මේක දැනගන්න බාධ්ෂාට උදව් කරන පොලිස් කාරයා මෙයාට මේ ගැන කියනවා, ආධිගෙන් ජානකීව බේරගන්න කියලා. මේ අනුව රහසේම වෙස් වලාගෙන බාධ්ෂා කියන නමත් පාවිච්චි නොකර රාමා රාඕ කියන ඇත්ත නමින් ජානකීව හම්බවෙන්න යනවා. ඒ වෙනකොට ඉන්නේ එයාල ඉතාලි. ඉතිං කොහොම හරි ජානකී තමන්ට ආදරය කරන විදිහට හදාගන්නවා.ඔය අතරතුර සාධු භායි ඉන්දියාව පුරාවටම බෝම්බ පුපුරවන්න සැලැස්මක් හදනවා. මේ සැලැස්ම දැනගෙන රාමා රාඕ යනවා මේක නවත්තන්න. ඒත් එතනදී ඇත්තටම වෙන්නේ මොකක්ද?…
he he...
ReplyDelete